යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

මේ ඔබ ගැනයි

අද අප ජීවත්වන සමාජ වටපිටාවට අනුව බොහෝදෙනා සිතන්නේ අප ඉපදී ඇත්තේ මුදල් ඉපයීම සඳහාමය කියා ය. මෙසේ සිතා නොනැවතී මුදල් පසුපසම හඹායන මිනිසුන් අතින් ගිලිහී යන තම වගකීම්, ආගම දහම, යහපත් අරමුණු ගැන පවා ඔවුන්ට අවබෝධයක් නැත. අද ඔවුන් විවෘත ආර්ථිකයේ අවසනාවන්ත ගොදුරැ බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස සිරිත්-විරිත්, ගුණධර්ම, ආගම-දහම, යුතු-අයුතුකම්, දයාව, කරැණාව, අල්පේච්චතාව තමන් වෙතින් නොදැනීම මැකී ගිලිහී ඇති ආකාරය පවා වටහා ගැනීමට නොහැකි වී තිබේ. ආගම දහමින් මිනිසා ඈත්වෙන්නට හේතුවන මෙම දුර්භාග්‍ය සමාජ වටපිටාවෙන් මිඳී දුර්ලභ වූ මේ මිනිසත්බවෙන් නිසි ප්‍රයෝජන ගන්න බුද්ධිමත්ව විමසා බලා කටයුතු කිරීමට උත්සුක වෙමු.
ඔබට මෙහි ඇති ඇතැම් උදාහරණ නැවත නැවතත් අසන්නට ලැබේවි. එය ඔබේ මතකයේ වැදගත් කරැණු රදවා තැබීමට හේතුවෙනු ඇත. අල්පේච්චතාව, ඉවසීම, බුද්ධිමත් බව සහ යහපත් රසඥතාව සාමකාමී සාර්ථක කුටුම්භයක හිමිකරැවකු වන්නට පමණක් නොව කායික මානසික නිරවුල්තාවය ඔස්සේ කුසල් වඩන්න ප්‍රඥාව දියුණු කරන්න මාහැඟි අවස්ථාවක් ද ඔබට උදාවේ.
කුටුම්භය තුළ බුද්ධිමත්ව සිතන්නට සහ තීරණ ගැනීමට කාන්තාවටත් පිරිමියාටත් මඟ පෙන්වන මෙම දේශන ඔබේ හෙට දවස යහපත් කර ගැනීමට හේතුවෙනු ඇත. මෙහි ගද්‍යමය කථන භාෂා හැසිරවීම ඔබට පොතක ජේදයක්, පරිච්ජේදයක් අසා සිටින්නට කියවනවා සේ රසවිඳිය හැකිය.
Prof Sarath Wijesuriya's Speech

මේ ඔබේ දරැවන් ගැනයි....


ආදරය


රණාල බටේවල අමාදම් අරණවාසී 
පූජ්‍ය වැල්ලම්පිටියේ විනයවංශ හිමි

ගාථාව -  සංසග්ග ජාතග්ස භවන්තී ස්‌නෙහා - ස්‌නෙහනවයං දුක්‌ඛමිදං පහොති 

ආදීනවයං ස්‌නෙහජං පෙක්‌ඛමානො - එකො චරෙ බග්ග විසාණකප්පො

ආශ්‍රය කිරීමෙන් ස්‌නෙහය හෙවත් ආදරය හටගනී. ආදරය නිසා විවිධ දුක්‌ කරදර ඇතිවේ.

ආදරයෙන් උපන් දොස්‌ දකිමින් එකලාව ක`ගවේණකු සේ හැසිරේ.

ආවර්ජනා - ආදරය වූ කලී දෙදෙනකු අතර ඇති කර ගන්නා බැඳීමකි. ජලයෙහි සැඟවී තිබෙන මානෙල් මලක්‌ ජලයෙන් ඉස්‌මතු වී විකසිත වන්නා සේ, ආත්මීය බැඳීම නිසා හෝ වර්තමානයේ ඇසුරු කිරීම නිසා හෝ කතාබහ කිරීම නිසා හදවතෙහි සැ`ගවී තිබෙන ආදරය විකසිත වේ. ආදරය පුදුමාකාර අර්ථයක්‌ ඇති වචනයකි. එය විශ්ව භාෂාව වශයෙන් ද ස`දහන් වේ. එසේම ආලය, ප්‍රේමය, ආශාව, ස්‌නේහය යන විවිධ නම්වලින් ද හඳුන්වනු ලබයි.

එසේම ආලය කරන වස්‌තුව නිසා හෝ පුද්ගලයා නිසා ආදරය විවිධාකාරයෙන් ඇති වේ. දෙමාපියන් දරුවකුට කරන ආදරය, තරුණයෙක්‌ තරුණියකට කරන ආදරය අතර විශාල වෙනසක්‌ තිබේ. දෙමාපියන් දරුවන්ට ආදරය කරන්නේ, මේ මාගේ දරුවාය යන ස්‌නේහයෙනි, තරුණයෙක්‌ තරුණියකට ආදරය කරන්නේ, යම්කිsසි ආශ්වාදයක්‌ විඳීමේ ආශාවෙන්ය. ආදරයේ පොදු ලක්‍ෂණය නම් තමා වෙත යම් අයිතියක්‌ ලබා ගැනීමයි. අප නිතරම බලාපොරොත්තු වන්නේ අපට නොලැබුණු යමක්‌ අයිති කර ගැනීමටය. කෙසේ හෝ ඒ දෙය අයිති කර ගත් පසු නැවත ඊට වඩා වෙනස්‌ දෙයක්‌ අයිති කර ගැනීමට ආශා කරන්නෙමු. අප අයිති කර ගැනීමට බලාපොරොත්තු වන සියලු දේම ඉටු නොවේ. කෙනකු කොපමණ බලවත් වුවත් ආශා කරන දේ නොලැබී යා හැකිය.

අප බලාපොරොත්තු වන එක්‌ විශේෂ දෙයක්‌ නම් තවත් කෙනෙකුගේ ආදරයයි. ආදරය බලෙන් ලබාගත හැකි දෙයක්‌ නොවේ. අවංක හදවතින් දෙදෙනෙක්‌ අතර, ඇති විය යුතු දෙයකි. කෙනකු වෙත ආදරයෙන් බැ`දුණු විට ඒ හා සමාන ආදරයක්‌ ආදරය කරන්නාගෙන් කරන්නියගෙන් බලාපොරොත්තු වේ.

එසේ නොවුණොත් සිදු වන්නේ, විශාල වශයෙන් බලාපොරොත්තු කඩ වීමකි. බොහො කලක්‌ හිතකරව පැවති ආදරයක් වුවද බලාපොරොත්තු රහිතව වෙනස්‌ වීමට ඉඩ තිබේ. එසේ වු විට දැඩි කල කිරීමකට හෝ මහත් පසුතැවීමකට පත් වේ. මේ තත්ත්වය වැඩිපුර ඇති වන්නේ යොවුන් වියේදීය.

යෞවනත්වය ජීවිතයේ සුන්දරම අවධියයි.එය ජීවිතයට දෙවරක්‌ උදා නොවේ. තරුණයකුගේ, තරුණියකගේ සිතැ`ගියාවන් පැතුමන් ඒ කාලයට සුදුසු අයුරින් සකස්‌ වේ. තාරුණ්‍යය උදා වීමත් සම`ග තව කෙනෙකුගේ ආදරය පැතිම ස්‌වාභාවිකයි. නමුත් එම ආදරය ප්‍රවේශමෙන් කළ යුත්තකි. ඇතැම් විට කෙනෙකු දුටු විගසම ආදරයෙන් බැෙ`ද් . පසුව තේරුම් ගනි, එය ආදරය නොවේ, ආදරයෙන් උමතු වීමක්‌ බව. එහෙත් සමහර විට දුටු සැණෙකින්ම ආදරයෙන් බැදී ජීවිතාන්තය දක්‌වාම සතුටින් කාලය ගත කරයි. සැබෑ ආදරය යනු සංසාර ගත ආත්මීය ප්‍රේමයයි. එය සුපිවිතුරුය,සුමිහිරිය, සුගැඹුරුය, සුන්දරය, නිශ්ඵලය.කෙනෙක්‌ දුටු පමණින්, කථා කළ පමණින්, ඇසුරු කළ පමණින් ආදරය ප්‍රකාශ කළ යුතු යෑයි නීතියක්‌ නැත. තමන් කෙනෙකුට ආදරය කිරීමේදී ඔහු හෝ ඇය තමාව ප්‍රතික්‌ෂේප කරන්නේ නම්, එම ප්‍රේම ජවනිකාව වැඩි දුර නොගෙන යා යුතුයි.ආදරය ගෙන යුතු දුර ප්‍රමාණය තේරුම් ගත යුතුයි. කෙනකු ආදරය ප්‍රකාශ කළ පළියට තමාද ආදරය කිරීමට අන්තවාදී නොවිය යුතුය. තමාගේ ආදරය ප්‍රතික්‌ෂේප කළේ යෑයි කියා අන් අයට කරදර පිඩා නොකළ යුතුයි. දුක්‌ නොදිය යුතුයි. තමාද එසේ නොකර ගත යුතුයි.සෑම සොඳුරු ආදරයක්‌ම අසුන්දර අමිහිරි අත්දැකීමක්‌ බවට අවසානයේ පත් වේ. අහසේ තැනු කඩදාසි මාලිගාවක්‌ සේ සුණු විසුණු වී යයි.

කවදා හෝ වෙන් වීමකින් අවසන් වේ. එවන් අවස්‌ථාවක දරුණු කම්පනයක්‌ හෝ වේදනාවක්‌ ඇති වේ.

ආදරය වැඩි තරමට කම්පනයද, වේදනාවද වැඩි වේ. එහිදී කළ යුත්තේ, ඒ වෙනස්‌ වීම නොවැළැක්‌විය හැකි බව අවබෝධ කර ගැනීමයි. ප්‍රේමයෙන් දුක ශෝකය ඇති වන බව තේරුම් ගැනීමයි. මෙහි යථාර්ථය අවබෝධ කර ගත් පුද්ගලයා සෝ දුක්‌ තැවුල් වලින් නිදහස්‌ව සහන් සුවයෙන් යුතුව වාසය කරයි.

බණ කථාව 

කාශ්‍යප බුද්ධ ශාසනය පවතින කාලයේදී පැවිදි එක්‌ භික්‌ෂුවක්‌ කසිණ භාවනාව වඩයි. උන් වහන්සේ එයින් ප්‍රථම ධ්‍යානය උපදවා ගනී. ඒ ධ්‍යාන සිත විදර්ශනා වශයෙන් වඩා, සිත කය වෙන්ව දැකිමේ නුවණ (නාම රූප පරිච්ඡේදය ඥානය) පමණක්‌ ලබා, මාර්ග ඵල නොලබා, අපවත් වී බ්‍රහ්ම ලෝකයේ උපත ලබයි.

බඹ ලොව ආයු කෙළවර ඉන් චුතව, බරණැස්‌ නුවර රජුට දාව, අග මෙහෙසි කුසෙහි පිළිසි`ද ගනී. ඇය දස මසක්‌ ඇවෑමෙන් මහ පුණ්‍යවන්ත කුමාරයෙක්‌ මෙලොවට බිහි කරයි. බඹලොව සිට මිනිස්‌ ලොව උපත ලැබු නිසා කුමරා ස්‌ත්‍රින් පිළිකුල් කරයි. කිරි මව්වරුන්ට කිරි දීම පවා අපහසු වේ. කිරි දීමට වඩා ගත් විට හඩයි.

නොකැමැත්ත පළ කරයි.ඒ නිසා කිරි මව්වරු පුරුෂ වෙස්‌ගෙන කුමාරයා සිටින කුටියට පිවිස කිරි දෙති. 

ස්‌ත්‍රීන් විසින් කරන නෑවීම් , සැරසීම් ආදිs කිස`sදු කටයුත්තක්‌ නොඉවසයි. ඒ සියලු කටයුතු පුරුෂයන් විසින් සිදු කරයි. ස්‌ත්‍රී හ`ඩ පවා ඇසීම පිළිකුල් කරයි. පුත් කුමරා හදා වඩා ගැනීම මව්පියන්ට ඉතා බැරූරුම් ප්‍රශ්නයක්‌ වේ. ඔහු තරයේ ස්‌ත්‍රීන් පිළිකුල් කරන නිසා අනිත්ථ 'ගන්ධ' නමින් හඳුන්වයි. දැන් අනිත්ථ ගන්ධ සොළොස්‌ වියෑති තරුණයෙකි. ඒ නමුත් කුඩා කල සිට පැවතුණු ගති ස්‌වභාවයන්ගේ කිසිදු වෙනසක්‌ නැත.

ඒ වන විටත් අනිත්ථ ගන්ධ පිරිසගෙන් වෙන්ව මාළිගයෙන් බැහැරව, රාජ්‍ය උද්‍යානයේ වෙනම කුටියක්‌ සාදා ගෙන හුදකලාව වාසය කරයි. විවේකීව බවුන් වඩයි. භව පුරුද්ද අනුව සමථ භාවනාව දියුණු කරගෙන ප්‍රථම ධ්‍යානය ලබා ගනී. ඔහු දැහැන් සුවයෙන් කල් ගත කරයි. අනිත්ථ ගන්ධගේ මේ විරාගි ස්‌වභාවය තේරුම් ගත් දෙමාපියෝ උපක්‍රම මාර්ගයෙන්, මේ තත්Fවය වෙනස්‌ කොට පස්‌කම් සැපයට යොමු කළ යුතු යෑයි සිතති. එසේ නොවුණහොත් අපේ කුල පරම්පරාව වැනසි යති. එසේ සිතු දෙමාපියෝ හිතවත් අමාත්‍යවරයකු කැ`දවා අනිත්ථ ගන්ධගේ හිත වෙනස්‌ කරන්න යෑයි අණ කරති. ඒ රජ අණ පිළිගත් ඇමැති අනිත්ථ ගන්ධ සිටින කුටියක්‌ නුදුරින් දර්ශනීය වේදිකාවක්‌ ගොඩ නගයි. නැටීමට, ගැයීමට, වැයීමට දක්‍ෂ න`ඵ නිළියන් කැඳවා ඔවුන් සම`ග විනෝද වෙති. මේ ශබ්දය ඇසීම නිසා අනිත්ථ ගන්ධගේ සිත සසල වේ.

එයින් කලබලයට පත් වූ අනිත්ථ ගන්ධ තමන්ගේ අවසරයක්‌ නැතිව මෙවැනි දෙයක්‌ සිදු කළේ කවුරුන්දැයි සොයා බලයි. ඒ දේ සිsදු කළ අමාත්‍යවරයා කැඳවා තරයේ අවවාද කොට, නැවත එවැනි දේ සිදු නොකරන ලෙසටත්, වහාම එම සංගීතය නවත්තන ලෙසටත්, අණ කරයි. අමාත්‍යවරයා එම සංගීත සංදර්ශනයි වහාම නවත්වයි. ඇමැති අනිත්ථ ගන්ධගේ දෙමාපියන් වෙත ගොස්‌ කිසි ලෙසකවත් පුත් කුමරාගේ සිත වෙනස්‌ කළ නොහැකි බව ප්‍රකාශ කරයි. දෙමාපියෝ ඇමති සම`ග කුමරු සිටින කුටිය වෙත පැමිණ කරුණු තේරුම් කර දී සංදර්ශනය පැවැත්වීමට අවසර ලබා ගනිත්. අනිත්ථ ගන්ධගේ අවසරය පරිදි ඒ සංගීත සංදර්ශනය 

රෑ පහන් වන තුරු පැවැත්වේ. නමුත් ඒ කිසිවකින් අනිත්ථ ගන්ධට නම් සතුටක්‌ ඇති වුයේ නැත. 

ඔහු හෙයින් දැඩි පීඩාවට මෙන්ම කලකිරීමකට පත්වේ. දෙමාපියන් ඇතුළු සියලු දෙනාගේ අදහස කුමක්‌දැයි තේරුම් ගනී. අනිත්ථ ගන්ධ රන්කරුවන් පිරිසක්‌ කැඳවයි. ඔවුන්ට රන් තොගයක්‌ දී එයින් අලංකාරවත් ස්‌ත්‍රී රූපයක්‌ කර දෙන ලෙස නියම කරයි. රන්කරුවන් විසින් කුමරු සිතුවාටත් වඩා දෙව්රුවක්‌ සේ ඉතා ලස්‌සන වූ ස්‌වර්ණමය ස්‌ත්‍රී ප්‍රතිමාවක්‌ නිර්මාණය කර දෙයි. ඒ රන්මුවා පිළිමය දුටු අනිත්ථ ගන්ධ විශ්මයට පත්වේ. විරාගී සිත සරාගී වේ. ඒ ස්‌වර්ණමය ප්‍රතිමාව දෙමාපියන්ට භාරකොට මෙබඳු රුවැති කුමරියක්‌ ලැබුණොත් විවාහ වෙමි. එසේ නොලැබුණොත් විවාහ නොවෙමි යෑයි කියයි. අනිත්ථ ගන්ධගේ සිතේ ලිහිල් භවක්‌ දුටු දෙමාපියෝ එම ප්‍රතිමාව අමාත්‍යවරුන්ට භාර දී මෙසේ පවසති. අපේ පුත් කුමරා පෙර පින් කළ කෙනෙකි, ඔහු සම`ග එකට පින් කළ තැනැත්තියක්‌ මේ ලෝකේ කොතැනක හෝ උපත ලබා සිටිය යුතුය, ඇය සොයන්න. අමාත්‍යවරු ඒ ප්‍රතිමාව සරසන ලද අලංකාර රථයක නංවා, ගමක්‌ ගමක්‌ පාසා නගරයක්‌ නගරයක්‌ පාසා ගමන් කරමින්, ප්‍රතිමාව ප්‍රදර්ශනය කරමින්, පුද පූජා පවත්වමින් ජනතාව වැඩිපුර ගැවසෙන තැන්වල සැරිසරිති, ඒ හා සමාන රැවැති කුමාරිකාවක්‌ සොයමින්. නමුත් ඔවුන් ගිය කිසි තැනක ප්‍රතිමාව බඳු කුමාරිකාවක්‌ දුටුවේ නැත. අමාත්‍යවරු ඒ ප්‍රතිමාව රැගෙන නැවත රජ මාළිගාව වෙත යති. රජතුමා වෙත ගොස්‌ ප්‍රතිමාව සමාන කුමාරිකාවක්‌ මු`ඵ බරණැස්‌ නගරයෙම නොමැති බව පවසති. .රජතුමා එයින් අධෛර්යමත් නොවී, අමාත්‍යවරුන් ධෛර්යමත් කොට, මද්දව සාගල නම් නගරයෙහි ඉතාම සුරූපි කාන්තාවන් සිටින බව පවසමින් නැවත ඔවුන්ව මද්දව රට බලා පිටත් කර යවයි. මද්දව රටබලා පිටත් වූ අමාත්‍යවරු එහි ප්‍රධාන නගරය වන සාගල නුවරට පැමිණ ස්‌ත්‍රීන් නිතරම ගැවසෙන නාන පොකුණක්‌ ළඟ ප්‍රතිමාව සහිත අලංකාර රථය නවත්වා, පෙර සේම පුද පූජා පවත්වමින්, ප්‍රදර්ශනය කරමින් පැත්තකට වී බලා සිටිති.

සාගල නුවර රජුගේ රජ මාළිගයේ සේවය කරන ස්‌ත්‍රීන් පිරිසක්‌ පැන් පහසුව ස`දහා නාන පොකුණ වෙත පැමිණේ, ඔවුන් දුර සිටම දකියි, රථයේ තබා ඇති අලංකාර ප්‍රතිමාව. ඔවුන්ට සැකයක්‌ ඇති වේ,

මාළිගාවේ සිටින රාජ කුමාරිකාව අවසරයක්‌ නැතිව පැමිණ මේ රථයේ සිටින බවට. රථයට ළංව බලන විට තේරුම් ගනී. කුමාරිකාව නොවේ ප්‍රතිමාවක්‌ බව. ඒ සිද්ධිය දුටු අමාත්‍යවරු ඒ කාන්තාවන් වෙත ගොස්‌ විස්‌තර විමසති. ඒ ස්‌ත්‍රීහු ප්‍රකාශ කරති, තමන් සාගල රජුගේ මාළිගයේ සේවය කරන ස්‌ත්‍රින් බවත්, මේ රථයේ ඇති පිළිමය දැක අපේ රාජ කුමාරිකාවයි පුදුමයට පත් වූ බවත්. එසේම ඔවුන් කියා සිටිති, මේ පිළිමයට වඩා සිය දහස්‌ ගුණයකින් තමන්ගේ කුමාරිකාව ලස්‌සන බව. ඒ කථාව අසා සතුටට පත් අමාත්‍යවරු ඒ මොහොතේම බරණැස්‌ රජතුමාට පණිවුඩකරුවන්ගේ මාර්ගයෙන් මේ පුවත දැනුම් දෙති. ඒ පුවත දැනගත් රජතුමා අතිශයින් සතුටට පත් ව අනිත්ථ ගන්ධටද දැනුම් දේ. තමන් කැමති රූපය හා සමාන කුමාරිකාවක්‌ සිටින බව දැන ගත් වහාම අනිත්ථ ගන්ධට ඇය කෙරෙහි ආදරයක්‌ උපදී ඔහුගේ සිත රාගයෙන් රත්වේ. 

ඔහු දැහැනෙන් පිරිහෙයි.පිය මහා රජතුමා මෙන්ම අනිත්ථ ගන්ධ විශේෂ දූත පිරිසක්‌ පිටත් කරයි, සාගල නුවර රජතුමා කැමැති කරවා, එක දවසින්ම දූ කුමරිය බරණැසට කැ`දවාගෙන එන ලෙසට අණ කරමින්. සාගල නුවර සිටින අමාත්‍යවරු මෙන්ම බරණැසින් ගිය දූත පිරිස එකට මුණ ගැසී සාගල නුවර මද්දව

රජතුමා වෙත ගොස්‌, බරණැස්‌ නුවරින් එහි පැමිණි කාරණය පිළබ`ද විස්‌තර කරති. ඒ කථාව අසා සිටි මද්දව රජතුමා බරණැස්‌ නුවර රජතුමා ගැන මෙන්ම අනිත්ථ ගන්ධ කෙරෙහි පැහැදී සොළොස්‌ වියෑති දෙව්රුවකට සමාන තමාගේ එකම දියණිය ඔවුන්ට භාරදීමට කැමැත්ත පළ කරයි. ඒ අනුව විසිතුරු රථ පෙරහැරකින් සාගල නගරයෙන් පිටත්ව බරණැස්‌ නගරයට කුමරිය රැගෙන එක්‌ දිනකින්ම පැමිණෙති.

ඔවුන් පැමිණි බව දැනුම් දුන් පසු රජතුමා රෑ බෝ වූ බැවින් පසුදා පහන් වන තුරු රාජෝද්‍යානයෙහි විශේෂිත වූ රාජ මාළිගයක නතර කරන ලෙසටත්, අවශ්‍ය කරන පහසුකම් හා ආරක්‍ෂාව සලසන ලෙසටත් නියෝග කරයි. රජතුමාගේ අදහස වුයේ, පසුදා නැකත් බලා රටවැසියන්ටත් දැනුම් දී, උත්සවශ්‍රීයෙන් තම එකම පුත් කුමරුගේ රාජකීය විවාහ මංගල්‍ය පැවැත්වීමටය. අනිත්ථ ගන්ධට මේ සියලු දේ ආරංචි වේ. එසේම කුමරුට කුමරිය දැකීමේ බලවත් ආශාවක්‌ තිබේ.

කුමරිය කිසි දවසක දුර බැහැර ගමන් ගොස්‌ නැත. සාගල නගරයේ සිට බරණැස්‌ නගරයට පැමිණියේ, යොදුන් ගණනක්‌ පසු කරමින්ය. බොහෝ දුර කතරක්‌ ගෙවා පැමිණි බැවින්, ඇයට එදා රාත්‍රියේ තදබල ලෙස වාතාබාධයක්‌ ඇති වේ. අප බලාපොරොත්තු වන, හිතන පතන සියලු දෑ ඒ ආකාරයෙන් සිදුවන්නේ නැත.

බලාපොරොත්තු නොවන, නොහිතන, නොපතන බොහෝ දෑ සිදුවේ. ඒ ඇති වූ වාතාබාධය හේතුවෙන් රැය පහන් වන විට හරියට උදෑසන සුපිපුණු කුසුමක්‌ සවසට පරවන්නා සේ, කුමරිය ජීවිත ගමනින් සමුගනී. මිය යයි. එම ආරංචිය ලැව්ගින්නක්‌ සේ, මු`ඵ රටේම පැතිරේ. මුළු රටම එකම මළ ගමක්‌ බවට පත් වෙති. මේ දුක්‌බර ආරංචිය අනිත්ථ ගන්ධ දැන ගන්නට ලැබේ. එම ආරංචිය නිසා අනිත්ථ ගන්ධට දරා ගන්න බැරි ශෝකයක්‌, දුකක්‌ ,වේදනාවක්‌ හට ගනී. ඔහු කල්පනා කරයි,මීට පෙර මෙවැනි දුකක්‌ ,වේදනාවක්‌ මට හට ගත්තේ නැත. 

මේ බරණැස්‌ නගරයේ දවසකට කොපමණ මිනිසුන් සංඛ්‍යාවක්‌ මිය යන්නේද ඒ කිසිවෙක්‌ පිළිබ`ද ශෝකයක්‌ දුකක්‌ හට ගෙන නැත.

එසේ නම් මට මේ ශෝකය දුක ඇති වුයේ,කිසි දිනක දැක නැති, ඇසුරු කර නැති, කකා බහ කර නැති, කුමාරිකාවක්‌ පිළිබඳ ආදරය ඇති වීම නිසාය. ආදරය ඇතිවන්නේ, දැඩි බැඳීම නිසාය. සසර බැඳීම නිසා අප නැවත ඉපදෙන්නෙමු, මැරෙන්නෙමු, මෙයයි සංසාර ස්‌වභාවය. මෙසේ සිහි එළවාගෙන, දහම මෙනෙහි කරමින්, ආදරයේ දොස්‌ දැක, ශෝකය නිවාගෙන, විදසුන් වඩා ඒ මොහොතේම පසේ මුනිවරයකු බවට පත් වෙති. ඒ අනිත්ථ ගන්ධට පසේ බුදුරජාණන් වහන්සේ තමන් පසේ බුදු බවට පත් වූ දැන ගැනීම පිණිස දෙමාපියන් ඇතුළු රට වැසියන්ට මේ උදාන ගීය වදාරති.

ආදරයෙන් ආශාව උපදී.
ආශාව නිසා දුක හටගනී.
දකිමින් මෙහි දොස්‌ , 
වෙමි එකළා ක`ගවේණකු සේ.

අවධානය - ආදරය වූ කලී දුක්‌ වේදනාවෙන් කෙළවර වේ.