යුතුකම් අතර මුලින් ම සඳහන් වන්නේ මවුපියන් පෝෂණය කිරීමයි. එහෙත් බොහෝ දරුවෝ යුතුකම අමතක කර මවුපියන්ගෙන් වගකීම් ඉටුකිරීම පමණක් බලාපොරොත්තු වෙති. දරුවන්ගෙන් මේ යුතුකම බලාපොරොත්තුවීමට නම් මවද පියාද තම යුතුකම් දරුවන් වෙනුවෙන් නිසි අයුරෙන් ඉටු කළ යුතු ය.

මේ ඔබ ගැනයි

අද අප ජීවත්වන සමාජ වටපිටාවට අනුව බොහෝදෙනා සිතන්නේ අප ඉපදී ඇත්තේ මුදල් ඉපයීම සඳහාමය කියා ය. මෙසේ සිතා නොනැවතී මුදල් පසුපසම හඹායන මිනිසුන් අතින් ගිලිහී යන තම වගකීම්, ආගම දහම, යහපත් අරමුණු ගැන පවා ඔවුන්ට අවබෝධයක් නැත. අද ඔවුන් විවෘත ආර්ථිකයේ අවසනාවන්ත ගොදුරැ බවට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස සිරිත්-විරිත්, ගුණධර්ම, ආගම-දහම, යුතු-අයුතුකම්, දයාව, කරැණාව, අල්පේච්චතාව තමන් වෙතින් නොදැනීම මැකී ගිලිහී ඇති ආකාරය පවා වටහා ගැනීමට නොහැකි වී තිබේ. ආගම දහමින් මිනිසා ඈත්වෙන්නට හේතුවන මෙම දුර්භාග්‍ය සමාජ වටපිටාවෙන් මිඳී දුර්ලභ වූ මේ මිනිසත්බවෙන් නිසි ප්‍රයෝජන ගන්න බුද්ධිමත්ව විමසා බලා කටයුතු කිරීමට උත්සුක වෙමු.
ඔබට මෙහි ඇති ඇතැම් උදාහරණ නැවත නැවතත් අසන්නට ලැබේවි. එය ඔබේ මතකයේ වැදගත් කරැණු රදවා තැබීමට හේතුවෙනු ඇත. අල්පේච්චතාව, ඉවසීම, බුද්ධිමත් බව සහ යහපත් රසඥතාව සාමකාමී සාර්ථක කුටුම්භයක හිමිකරැවකු වන්නට පමණක් නොව කායික මානසික නිරවුල්තාවය ඔස්සේ කුසල් වඩන්න ප්‍රඥාව දියුණු කරන්න මාහැඟි අවස්ථාවක් ද ඔබට උදාවේ.
කුටුම්භය තුළ බුද්ධිමත්ව සිතන්නට සහ තීරණ ගැනීමට කාන්තාවටත් පිරිමියාටත් මඟ පෙන්වන මෙම දේශන ඔබේ හෙට දවස යහපත් කර ගැනීමට හේතුවෙනු ඇත. මෙහි ගද්‍යමය කථන භාෂා හැසිරවීම ඔබට පොතක ජේදයක්, පරිච්ජේදයක් අසා සිටින්නට කියවනවා සේ රසවිඳිය හැකිය.
Prof Sarath Wijesuriya's Speech

මේ ඔබේ දරැවන් ගැනයි....